කටුනායකදී කෝටි 11ක රත්තරන් තොගයක් අත්අඩංගුවට....

Bandaranaike International Airport Sri Lanka Sri Lanka Magistrate Court Gold Sri Lanka Customs
By Gagana Nov 16, 2023 10:46 AM GMT
Gagana

Gagana

Report

අද අළුයම 1:40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 560 දරන ගුවන් යානයේ කොම්පඤ්ඤ වීදිය පෙදෙසේ පදිංචි 32 වෙනි හැවිරිදි පුද්ගලයෙක් රුපියල් කෝටි 11 ක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 සමඟ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් යානය තුළදීම හසුකරගත් පුද්ගලයා සතුව තිබූ ගමන් මල්ල තුළ කිලෝ 6 ග්‍රෑම් 423 යි මිලිග්‍රැම් 9 ක් බරැති රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සඟවා තිබියදී සොයා ගැනේ.

කටුනායකදී කෝටි 11ක රත්තරන් තොගයක් අත්අඩංගුවට.... | 11 Crore Worth Of Gold Seized In Katunayake

මේ වන විට රත්තරන් තොගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට ද ගුවන්තොටුපල රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.

එම වාර්තාව ලැබෙන තෙක් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

ONMAX DT අධ්‍යක්ෂවරුන්ට ඇප ...

ONMAX DT අධ්‍යක්ෂවරුන්ට ඇප ...

...........................


ReeCha