රැඳවියන්ගේ ඥාතීන්ට දැනුම්දීමක් - මහර බන්ධනාගාර අධිකාරගෙන් විශේෂ ප්‍රකාශයක්
මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා සඳහන් කර ඇත්තේ අද (02) පෙරවරුවේ මහර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගර 7ක් වෙත මරුකර යැවු රැඳවියන් 104 දෙනා එම බන්ධනාගරය තුළ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සැකකරුවන්වන බවයි.
මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ගේ නාම ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බව මාධ්‍ය වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ඔහු පවසා ඇත.
වැඩිදුරටත් ඔහු පැවසුවේ එළැඹෙන බ්‍රහස්පතින්දා දක්වා මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම ද සිදුනොවන බවයි.
එමෙන්ම ඔහු ඥාතීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට මහර බන්ධනාගරයේ සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් බියක් ඇති නොකර ගන්නා ලෙසයි.