රුපියල් 10,000 බඩු මල්ල ගැන විශේෂ දැනුම්දීමක්...
නිරෝධායනය වෙමින් සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000 බඩු මල්ල නොලැබුණහොත් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා දැනුම්දෙනවා.
පසුගිය අගෝස්තු 23 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය මගින් ලැබූ තීන්දුවකට අනුව, නිරෝධායනයට ලක් කළ සියලු පවුල් වෙනුවෙන් ලබාදුන් රුපියල් 10,000ක් වටිනා බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදීමට තීරණය කළා.
මේ අතර සහල් සඳහා පැනවූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.
එහි දී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.
කීරි සම්බා පාලන මිල රුපියල් 125 සිට 145 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමෙන් පසු සහල් සඳහා පාලන මිලක් පනවනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
