08 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක් - මාර්තු 19 සිට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?..

Report

රටේ සෑම දරුවෙකුටම ඉදිරියේ දී තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

08 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක් - මාර්තු 19 සිට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?.. | 08 And Above Children To Study Ai With It

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය.

අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව එහිදී ඒ මහතා පැවසීය.

එළඹෙන මාර්තු 19 වන දින එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුකරමින් පවතින බව ද, එළඹෙන වසරේ දී එය දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.