දිනක් තුළ සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 06ක් මරුට.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෙවුණු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 19 ත් 69 අතර වයස්වල පුද්ගලයින් එලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේදි ටිපර් රථයක ගැටුණු 65 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
පොලිසිය පැවසුවේ ගලේවෙල ලේනාවල ප්‍රදේශයේදි යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 19 හැවිරිදි තරණයෙකු මියගොස් ඇති අතර එහි ගමන් ගත් තවත් අයෙකු තුවාල ලැබූ බවයි.
මාතර සිට කොළඹ බලා ධාවනය කරමින් තිබු බස් රථයකින් රත්මලාන ප්‍රදේශයේදි 53 හැවිරිදි පුද්ගලයකු ඇද වැටි බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.
ගල්ගමුව දෙස සිට අඹන්පොල දෙසට ධාවනය වූ පාපැදියක් අඹන්පොල නගරයෙදී වෑන්රථයක ගැටීමෙන් සිදු වු අනතුරින් මියගියේ 41 හැවිරිදි පුද්ගලයෙකි.
ත්‍රිරෝද රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබුණේ කොට්ටාව හොරණ මාර්ගයේ පොදුජන මාවත අසල දීය.
කරදියනාරු ප්‍රදේශයේදි යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අසල කොන්ක්‍රිට් කනුවක ගැටිමෙන් පුද්ගලයකු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය.
