නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය අද යළි ජාතික පද්ධතියට.
අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රිය තත්ත්වයේ පවතින එක් ජනන යන්ත්‍රයක් අද (11) පද්ධතියට එක්කිරීමට නියමිතයි.
එම බලාගාරයේ ජනන යන්ත්‍ර ත්‍රිත්වයම ඊයේ (10) පස්වරුව වන විට අක්‍රීය තත්වයේ තිබුණා.
ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේ, ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පෙරේදා දිනයේ දී අක්‍රීය කර තිබු අතර සිදුවු විදුලි විසන්ධි වීම සමඟ අනෙක් ජනන යන්ත්‍රය ද අක්‍රීය තත්ත්වට පත්වු බවයි.
ඒ අනුව අලුත්වැඩියා කාර්යයෙන් අනතුරුව අක්‍රීය මට්ටමේ පැවති එක් ජනන යන්ත්‍රයක් සක්‍රීය කිරීමෙන් අනතුරුව අද විදුලි පද්ධතියට එක් කෙරෙනු ඇති.
කෙසේ වෙතත් ජල විදුලි උත්පාදනය මේ වන විට පුර්ණ වශයෙන් සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ජාතික විදුලි සැපයුමට බාධාවක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ