කොරෝනා නිසා ප්‍රධාන නගරයක පාසල්වල පන්ති වසාදමයි..යළි පාසල් වහන්න වෙයි?..
A principal of the Panadura Health Division said that several schools in the Panadura city limits have been closed due to the 'Kovid' infection of many principals, teachers and children.
He said the school was one of the main boys' schools in Panadura and had closed several classes about a week ago due to Kovid infection. He further said that it has been decided to close several classes in a major mixed school in Panadura from tomorrow (24) due to the infection of several teachers.
Meanwhile, Kovid infections have been reported in school children and teachers in various parts of the country. In such a situation there is a risk of schools being closed again. Therefore, the health sector always urges parents to ensure that their children are sent to school following proper health and safety practices.
පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීමෙන් පාසල් කීපයකම අංශ රැසක් වසා දමා ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් පැවසුවා.
මෙම පාසල් අතර පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක් ද වන බව කී එම නිලධාරියා එම පාසලේ ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදනය වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර එහි පන්ති කීපයක් වසා දැමූ බව ද සඳහන් කළා. පානදුර ප්‍රධාන මිශ්‍ර පාසලක ද ගුරුවරුන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් වීමෙන් හෙට (24) සිට එම පාසලේ පංති කීපයක් ද වසා තැබීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියා.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් ආසාදනය වීමේ තත්ත්වයක් වාර්තා වනවා. මෙවැනි තත්ත්වයක් තුළ යළි පාසල් වසා දැමීමේ අවධානමක් මතුවී තිබෙනවා. මේනිසා සැම විටම නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තම දරුවන් පාසල් වෙතට එවන්නට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශයන් සැමවිටම දෙමාපියන් ගෙන් ඉල්ලා සිටී.