‘යූ ටියුබ්’ වීඩියෝ පට විකාශනය කිරීම වළක්වාලමින් නියෝගයක්..විශාල දඩයකුත් ගසයි.

Youtube Sri Lanka
By Aruna Apr 27, 2023 06:04 AM GMT
Aruna

Aruna

Report

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ කීර්ති නාමයට හානියක් වන ‘යූ ටියුබ්’ වීඩියෝ පට විකාශනය කිරීම වළක්වාලමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමේ මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇතුළු තිදෙනෙකු විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම වාරණ දෙක 2023 මැයි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි.

සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් වන එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයට අදාළ වන්දි මුදල සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මෙම නියෝගයෙන් වළක්වයි.

විත්තිකරු 2023 අප්‍රේල් 20 වැනි දින මෙම කාරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝවක් විකාශය කර තම සේවාදායකයන් දැඩි අපහසුතාවයට පත් කර ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

මේ සඳහා රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන ලෙසත්,රුපියල් බිලියන 1 ක් සහ රු. මිලියන 500ක් විපතට පත් පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now