මාරක අනතුරක්, තරුණයෙක්ට දිවි අහිමි වෙයි.

Report

හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිට වැලිකළ ප්‍රදේශයේදී අද (09) පොකුණු විට සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් පිටත නිවසක මිදුලක නවතා තිබූ බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව හොරණ පොලිසිය සදහන් කරයි .

මෙසේ මියගොස් ඇත්තේ මිල්ලනිය පරගස්තොට පැල්පොල ප්‍රදේශයේ පදිංචි මග්ගොනගේ අකිල විශාන් ප්‍රනාන්දු නැමැති විසි තුන් හැවිරිදි තරුණයෙකි.

තවද මෙම අනතුරින් යතුරුපැදියට බරපතල හානි සිදුව ඇත. ඒ වගේම යතුරුපැදිකරුට අධික වේගය නිසා යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය ප්‍රකාශ සැක කරනු ලබයි.    

කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් කොටු

කරන්දෙණියේ ඝාතනයට දෙන්නෙක් කොටු

මධූෂ් එක්ක පැටළුනු හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට ඇප

මධූෂ් එක්ක පැටළුනු හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට ඇප