මැසේජ් එකක් ඇවිත් පාන්දර ගෙදරින් ගිය පුතා ගේ ළඟ කපලා දාලා ඉද්දි මව්පියන්ට හමුවෙයි - ජීවිතක්ෂයට
නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේදී අද (19) දින අළුයම් කාලයේ දී තියුණු ආයුධවලින් පහරදීම නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29ක් වූ කරණවායි, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව නෙල්ලිඅඩි පොලිසිය වාර්තා කරයි.
මිය ගිය තැනැත්තා අද අළුයම් කාලයේ ලද දුරකතන පණිවිඩයක් මත යතුරුපැදියෙන් නිවසින් පිටව ගොස් තිබෙනවා.
ඉන්පසු ඔහු නැවත නිවසට නොපැමිණීම නිසා මව්පියන් විසින් සොයා බැලීමේදී නිවස ආසන්නයේ මාර්ගයේ කැපුම් තුවාල සහිතව වැටී සිටි බව සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත.
මේ අතර මෘත ශරීරය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.