මිලියන 700කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට
රුපියල් මිලියන 703කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.
එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් බෙන්තර වෙරළ තීරයේ සහ ඔබ්බෙන් වූ මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී වේ.
එහිදී වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 968ක ප්‍රමාණයක් ගෙන තිබේ.
වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි.