මාතර බරපතළ රෝගයක් - අධි අවදානම් කාල පරිච්ඡේදයක්

Report

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි සභාපති නිජිත් සුමනසේන මහතා ප්‍රකාශ කළේ ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

23 රටට වෙන්න යන දේ - කාලගුණයෙන් අනාවැකියක්

23 රටට වෙන්න යන දේ - කාලගුණයෙන් අනාවැකියක්

"මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ඩෙංගු අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ඩෙංගුවලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ චිකුන්ගුන්යා රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ චිකුන්ගුන්යාවලට ප්‍රධාන වාහකයා වෙන්නේ." යනුවෙන්.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්

මොන පැකේජ් එක දැම්මත් මෙච්චරක් කැපෙනවා - දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ගැන නොදන්න කතාවක්