23 රටට වෙන්න යන දේ - කාලගුණයෙන් අනාවැකියක්
මෙම මස 22 වැනිදා වන විට නැවත අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.
ඒ අනුව මෙම අඩු පීඩන කලාපය අන්දමන් දූපත් ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වීමේ හැකියාව තිබෙන බව ඔහු පවසයි.
අඳාළ අඩු පීඩන කලාපයේ බලපෑම නිසා උතුරු, නැගෙනහිර පළාත්වලට මෙම මස 23 වැනිදා සිට වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
එසේම මේ දිනවල ඇද හැලෙන වැසි තත්ත්වය නිසා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම පොල්ගොල්ල ජලාශයේද වාන් දොරටු 06ක් අඟල් 18 බැගින් ඊයේ (18) අලුයම සිට විවෘත කර ඇත.
ඊට අමතරව මඩකලපුව කලපුවේ ජල මට්ටම ද පවතින වැසි තත්ත්වය නිසා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.