හමුදා සෙබළාගේ නිසල දේහය වැවෙන් හමුවේ

Report

වීරවිල වැවට ගොස් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් වීරවිල රන්දුණු වත්ත නිවාඩු නිකේතනයේ සේවය කරන මෙම යුද හමුදා සෙබෙළා ඊයේ (17) සවස වීරවිල වැව දෙසට යන බව පවසා පිටව ගොස් ඇති අතර නැවත ඔහු නොපැමිණි බැවින් වෙනත් යුද හමුදා සෙබෙළෙකු ඔහු අතුරුදන් බව පවසා වීරවිල පොලිසියට අද (18) උදේ පැමිණිලි කර තිබේ.

තංගල්ලේදී වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් මරුට

තංගල්ලේදී වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් මරුට

එහිදී සිදුකල විමර්ශනයකදී අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයා ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ,කුඹුක්වෙල පදිංචි කේ.ඩී.අජිත් පේමරත්න නමැති හැවිරිදි යුද හමුදා සෙබෙළෙකි.

සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්