පාන්දරම කම්හලක ලොකු ගින්නක්
By Kaushi
කඩුවෙල රනාල ප්රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) දින අලුයම ගින්නක් ඇතිව තිබෙනවා.
එසේම ඇති වූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇති බව නවගමුව පොලිසිය සඳහන් කරයි.
මේ අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ කටයුතු සදහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකක පැමිණ ඇත.
කෙසේ වුවත් නවගමුව පොලිසිය වාර්තා කරන ආකාරයට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.