රෙදි ගැළවෙන ප්‍රශ්න ඇහුවට ට්‍රම්ප් තවත් මාධ්‍යවේදිනියකට ප්‍රසිද්ධියේ බැණ වදියි - බලපත්‍රය ඉවත් කරන්නත් ඉල්ලයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ABC News ප්‍රධාන ධවල මන්දිර වාර්තාකාරිනී මේරි බෲස් හට ඇයගේ ආකල්ප සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ සිදුවීම වාර්තා වන්නේ ට්‍රම්ප් විසින් තවත් කාන්තා වාර්තාකාරිනියකට ගුවන් යානය තුළදී ‘කටවහගනින් ඌරෝ’ යැයි පැවසීමෙන් දින කිහිපයකට පසුවයි.

මෙය සිදුව ඇත්තේ සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් කළ හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් රැස්ව සිටියදීයි.

එහිදී බෲස් වාර්තාකාරිනිය විසින් ට්‍රම්ප්ගෙන් සහ සෞදි කුමරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔහු ආරක්ෂක ඉරියව්වකට මාරු වී තිබුණේ ‘මට ඔයාගේ ප්‍රශ්නේ ගැන ගානක් නෑ. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ආකල්පය ගැනයි’ යනුවෙන්.

බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයදී - හේතුව මෙන්න

බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයදී - හේතුව මෙන්න

එසේම ඔහු ඇයව ‘මහා නරක මනුස්සයෙක් වගේම මහා නරක වාර්තාකාරිනියක්’ වශයෙන් ද හඳුන්වා ඇත. ට්‍රම්ප් චෝදනා කළේ බෲස් විසින් ඉතා ගෞරවාදරයට පාත්‍ර වූ මිනිසෙකුගෙන් (සෞදි කුමරු) අකීකරු සහ නරකම ප්‍රශ්නයක් ඇසූ බවටයි.

එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටියේ, ඇයට එම ප්‍රශ්නයම ‘ලස්සනට’ ඇසීමට හැකිව තිබූ බවයි. ඊට අමතරව ට්‍රම්ප්, ‘බොරු ප්‍රවෘත්ති. ABC බොරු ප්‍රවෘත්ති. මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන නරකම ආයතනයක්’ යනුවෙන්ද පවසා ඇති බව සඳහන්.

මේ අතර ට්‍රම්ප් ABC ජාලයේ බලපත්‍රය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ඔවුන්ගේ ප්‍රවෘත්ති බොහෝමයක් වැරදියි වගේම වැඩිහරියක් බොරු බව ප්‍රකාශ කරමින්.

ඔහු මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩන් කාර් වෙත යොමු වූ බව වාර්තා වේ.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කෙසේ වෙතත් ට්‍රම්ප්ට කෝපගැනීමට තරම් බෲස් විසින් ප්‍රධාන ලෙස ප්‍රශ්න දෙකක් යොමු කළ බව දක්නට ලැබේ.

ඒ ට්‍රම්ප් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී ඔහුගේ පවුල සෞදි අරාබියේ ව්‍යාපාර කිරීම සුදුසු දැයි සහ එය අවශ්‍යතාවල ගැටුමක් දැයි ඇය ප්‍රථමයෙන් විමසීමයි.

එයට ට්‍රම්ප් ප්‍රතිචාර දක්වා ඇත්තේ තමාට පවුලේ ව්‍යාපාර සමඟ කිසිදු සම්බන්ධයක් නැත යනුවෙන්.

එමෙන්ම ඇය සෞදි කුමරු වෙත හැරී, 9/11 ප්‍රහාරයට සම්බන්ධ පවුල්, සෞදි කුමරු ඕවල් කාර්යාලයේ සිටීම ගැන කෝපයෙන් සිටින බවත්, අමෙරිකානු බුද්ධි අංශ මඟින් මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ බිහිසුණු ඝාතනය කුමරු විසින් සංවිධානය කරන ලද බවට නිගමනය කර ඇති බවත් පැවසුවා.

අනතුරුව ඇය ඇසුවේ ඇමරිකානුවන් ඔහු විශ්වාස කළ යුත්තේ ඇයිද යනුවෙන්. එමෙන්ම එප්ස්ටයින් ගොනු සම්බන්ධයෙන් ඇය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා සිටියේ, තමාට ජෙෆ්රි එප්ස්ටයින් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ට්‍රම්ප් තවදුරටත් පවසා තිබුණේ එප්ස්ටයින් ‘අසනීප මානසික විකෘතිකාරයෙක්’ යැයි තමා සිතූ නිසා වසර ගණනාවකට පෙර ඔහුව තම සමාජ ශාලාවෙන් එළවා දැමූ බවයි.

ජනප්‍රිය නිළියක්ගෙන් ඩොක්ටර් ප්‍රමිලාට මරණ තර්ජන - හේතුව මෙන්න

ජනප්‍රිය නිළියක්ගෙන් ඩොක්ටර් ප්‍රමිලාට මරණ තර්ජන - හේතුව මෙන්න