ජනප්‍රිය නිළියක්ගෙන් ඩොක්ටර් ප්‍රමිලාට මරණ තර්ජන - හේතුව මෙන්න

Report

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ මුල් කාලයේ රංගනයෙන් බොහෝ දෙනෙකු අතර නමක් දිනූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 'සී සෙවන්' රූපලාවන්‍ය ආයතනය අතර මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව පොලිස් පැමිණිලි තුනක් වාර්තාවී ඇත.

ඒ අනුව අඳාළ නිළිය එම ආයතනයෙන් සේවා ලබාගෙන මුදල් ගෙවා නොමැති බව එක් පැමිණිල්ලක දැක්වෙන අතර අනෙක් පැමිණිලිවල දැක්වෙන්නේ ඇය ආයතනය සිදුකළ ප්‍රතිකාර හේතුවෙන් සිදුවූ හානියට මිලියන ගණනක් වන්දි ඉල්ලා තර්ජන කරන බව‍යි.

එබැවින් අඳාළ පැමිණිලි සම්බන්ධයෙන් විමසීමට පොලිසිය එම නිළියගේ නිවසටඊයේ (18) දින ගොස් ඇතත් ඇය විදෙස්ගතව ඇති බවට දන්වා තිබෙන බව සඳහන්.

ඒ අනුව ඇය මෑත කාලයේ ඩුබායි හා ඉන්දියාවේ වාසය කරමින් සිටින අතර ඇයට එරෙහි පැමිණිල්ලේ පිටපතේ 'ඩොක්ටර් ප්‍රමිලා' නමින් කලාකරුවන් අතර ප්‍රකටව සිටින වෛද්‍ය ප්‍රමිලා රණසිංහ වීකෙයාර් (Vcare Pvt Ltd) පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් බව හඳුන්වාදී ඇත.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

එසේම ඇය විසින් රංගන ශිල්පිනිය ඇතුළු පිරිසකගෙන් තමාට සහ තම පවුලේ අයට එල්ල වී ඇති මරණ තර්ජන හා කප්පම් ඉල්ලීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත විශේෂ ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඩොක්ටර් ප්‍රමිලා සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ අදාළ රංගන ශිල්පිනිය ඉකුත් වසර හතරක පමණ කාලයක සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සමීප හිතවතියක බවත්, ඇය 2025 ඔක්තෝබර් මස 05 වන දින සහ ඊට පසුදින රුපියල් දෙලක්ෂ තිස් දහසකට (230,000) ආසන්න වටිනාකමකින් යුත් ප්‍රතිකාර ලබාගෙන ඊට අදාළ මුදල් ගෙවීම පැහැර හැර තිබෙන බවත්ය.

ඒ අනුව පැමිණිල්ලෙහි මෙසේ සඳහන්වේ.

"ඇය විවිධ රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා මගේ සායනයට පැමිණි ගණුදෙනුකාරියක් බැවින් මම ඇයව වසර හතරක පමණ කාලයක සිට හඳුනමි. කාලයත් සමඟ ඇය මා සමඟ පෞද්ගලිකව සමීප වූ අතර 2002 වසරේදී මගේ විවාහ මංගල්‍යයට දෙවැනි මනාලියක් (Bridesmaid) ලෙසද සහභාගී විය. 2025 ඔක්තෝබර් 05 වන දින ඇය රුපියල් 130,000ක පමණ වටිනාකමකින් යුත් ප්‍රතිකාර සඳහා මගේ සායනයට පැමිණියාය. මගේ සායනය සඳහා අනුග්‍රාහක ප්‍රවර්ධන වීඩියෝවක් (Promotional video) ලබා දෙන බවට ඇය වාචිකව පොරොන්දු වූ බැවින්, ඇයට වට්ටමක් ලබා දෙන ලෙස මම මගේ කළමනාකරුට උපදෙස් දුනිමි. කෙසේ වෙතත්, ඇයගේ බැංකු කාඩ්පත් නිවසේ අමතක වී ඇති බව පවසමින් එදින ඉතිරි මුදල ගෙවීමට අපොහොසත් වූ අතර, එම මුදල පසුව එවන බවට පොරොන්දු විය. නමුත් ඇය ලබා දුන් වීඩියෝව හොඳ තත්ත්වයේ නොතිබූ අතර (ඇය පැවසූ පරිදි මේකප් නොමැතිව සිටි නිසා) එය භාවිතයට ගත නොහැකි විය. ඊට පසුදින ඇය නැවතත් පැමිණි අතර, වට්ටම්වලින් පසුව රුපියල් 100,000ක පමණ වටිනාකමකින් යුත් ප්‍රතිකාර ලබා ගත්තාය. මීට වසර 2කට පෙරද ඇය මේ ආකාරයෙන්ම කටයුතු කර තිබූ නිසාත්, පසුව ගෙවන බවට නැවතත් සහතික වූ නිසාත් මා ඇයව විශ්වාස කළ නමුත්, ඇය එම මුදලද නොගෙවා සායනයෙන් පිටව ගියාය."

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

මේ අතර අදාළ ප්‍රතිකාර ලබාගෙන දින තුනකට පසු ප්‍රතිකාර අතරතුර තමාගේ කකුලේ තුවාලයක් සිදු වූ බව පවසමින් රංගන ශිල්පිනිය ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර, එයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 20ක (මිලියන 2ක) කප්පම් මුදලක් ඉල්ලා ඇයගේ පෞද්ගලික වට්ස්ඇප් අංකයෙන් සහ ඩුබායි දුරකථන අංකයකින් තර්ජනාත්මක පණිවිඩ එවා ඇති බව පැමිණිල්ලේ දැක්වේ.

ඩුබායිහි මූල්‍ය අපරාධකරුවන් සමඟ සබඳතා ඇති බව පවසමින්, කප්පම් මුදල ලබා නොදුනහොත් වෙඩි තබා ඝාතනය කරන බවටත්, කීර්ති නාමය විනාශ කරන බවටත් තර්ජනය කරමින් අදාළ පිරිස මඟින් බැංකු ගිණුම් අංකයක්ද ඩොක්ටර් ප්‍රමිලා වෙත යොමු කර ඇති බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

එබැවින් මෙම තර්ජන නිසා තමාට, ඉංජිනේරුවරයෙකු වන තම සැමියාට සහ දරුවාට දැඩි ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බවත්, විදෙස් ප්‍රතිකාර පත්වීම් පවා අවලංගු කරමින් තමාට නිවසටම වී සිටීමට සිදුව ඇති බවත් වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 2025 නොවැම්බර් 13 වන දින කුරුඳුවත්ත පොලිසියේ (WCTB 179/45) සහ නොවැම්බර් 14 වන දින (CIB T 191/118) අංක යටතේ පැමිණිලි ගොනු කර තිබෙන අතර, පොලිස් නිලධාරීන් නොවැම්බර් 18 වන දින රංගන ශිල්පිනියගේ නිවසට ගිය විට ඇය රටින් පිටව ගොස් ඇති බව ඇගේ මව ප්‍රකාශ කර තිබුණද, ඇය තවමත් ලංකාවේ රැඳී සිටින බවට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති බවද වෛද්‍ය ප්‍රමිලා පොලිස්පතිවරයාට යැවූ පැමිණිල්ලේ දක්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධ පොලිස් විමර්ශන සිදුවන බව පවසයි. 

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්