මේ මඟීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) දින නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම ලක්වීම නිසා බව සඳහන්.
මේ අතර මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.