තරුණියන් 700ක් බිය ගන්වා නිරුවත් ඡායාරූපය ගෙන්වා ගත් අනංගයා මාට්ටු

Report

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය අවභාවිත කරමින් උසස් පෙළ උපකාරක පන්ති සිසුවියන් සහ තරුණියන් ඉලක්ක කරගනිමින් මහා පරිමාණ පරිගණක අපරාධයක නිරත වූ 24 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, තරුණියන්ගේ ජංගම දුරකතන අංක ලබාගෙන ඔවුන්ගේ ඡායාරූප නිරුවත් ලෙස සකස් කර (Morphing) ඒවා සමාජ මාධ්‍යවල පළ කරන බවට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ලිංගික දර්ශන ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය.

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිපල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිපල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

බිබිල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී තරුණියන් 12 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සහ තවත් තරුණියන් 700කගේ පමණ දුරකතන අංක අඩංගු ගිණුම් සොයාගෙන ඇත.

සැකකරු තම අනන්‍යතාව සඟවා ගනිමින් ඉතා සූක්ෂම ලෙස මෙම අපරාධය මෙහෙයවා ඇති අතර, මේ වන විට බිබිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රටම කැළඹූ භාණ්ඩාගාර නිලධාරීයාගේ මරණය ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් - මරණය සැක බවට බිරිදගෙනුත් පැමිණිල්ලක්

රටම කැළඹූ භාණ්ඩාගාර නිලධාරීයාගේ මරණය ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් - මරණය සැක බවට බිරිදගෙනුත් පැමිණිල්ලක්