වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - අංක තහඩුවට මෙහෙම කරොත් නීතිමය පියවර - නියෝජ්‍ය පොලිස්පති

Report

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා නිවේදනය කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇති නිල අංක තහඩු (Number Plates) වෙනුවට, විවිධ වර්ණයන්ගෙන් සහ ප්‍රමිතියෙන් තොර අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මීට පෙර පැවති අංක තහඩු හිඟය හේතුවෙන් තාවකාලික සහන කාලයක් ලබා දී තිබුණ ද, නිසි ප්‍රමිතියෙන් තොරව අත්තනෝමතික ලෙස අංක තහඩු සකස් කර ඇති වාහන පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ

රජයෙන් ඉන්ධන මිල අඩුවීම ගැන කොළ එළියක් - රටේ ඉන්ධන මිල අඩු වෙන්නේ මේ මාසෙන් පස්සේ

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසා සිටියේ ,

"පසුගිය කාලයේ අංක තහඩු හිඟයක් පැවති නිසා අපි යම් සහන කාලයක් ලබා දුන්නා. එහිදී තාවකාලිකව සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරින් (A4 කොළයක වුවද) අංක තහඩුව ප්‍රදර්ශනය කිරීමට අවසර දුන්නා. නමුත් ඒ සහනය මඟින් විවිධ වර්ණවලින්, තමන්ට රිසි සේ පාට පාටින් අංක තහඩු ගැසීමට අවසර දී නැහැ."