හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි
අද දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අතිශය වැදගත් දිනයකි. තමිල්නාඩු මහමැතිවරණයේ නිල ජන්ද ප්‍රකාශය අද දින නිකුත් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව අද දහවල් 2:30 වන විට, තලපති විජේගේ පක්ෂය වන තමිලග වෙට්රි කලගම් මැතිවරණ කොට්ඨාශ 106 කින් ද, AIADMK සන්ධානය මැතිවරණ කොට්ඨාශ 60 කින් ද, DMK සන්ධානය මැතිවරණ කොට්ඨාශ 67 කින් ද ඉදිරියෙන් සිටී.
ඒ අනුව තමිලග වෙට්රි කලගම් පක්ෂය ඡන්ද සංඛ්‍යාවෙන් තවදුරටත් පෙරමුණ ගෙන සිටින අතර, පක්ෂය ඡන්ද ලක්ෂ 80 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
තමිල්නාඩු සභා මැතිවරණයේ මේ වන විට ඡන්ද කෝටි 1.5 ක් ගණන් කර ඇත. ඡන්ද ලක්ෂ 50 ක් ලැබී ඇත. එසේම, ඔහු එක් දිනක් තුළ DMK බලකොටුව බිඳ දමා දේශපාලන ක්ෂේත්‍රය වෙනස් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තත්ත්වය එසේ වුවද තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හිමි වීමට නම් එහි මැතිවරණ කොට්ඨාශ 234න් බහුතරය වන මැතිවරණ කොට්ඨාශ 118 ක බලය පක්ෂයක් අත්පත් කල යුතුය. තලපති විජේගේ තමිලග වෙට්රි කලගම් පක්ෂය ඉදිරියෙන් සිටියද ඔවුන්ද තවමත් බහුතර හිමිකරගෙන නැත.
[7PK01R0 ]
අද දින තුලදී ප්‍රකාශ කර අවසන් වන ජන්ද ප්‍රතිපල මගින් කිසිවෙකුත් මැතිවරණ කොට්ඨාශ 118ක් හිමි කරගැනීමට අසමත් වුවහොත් මහ ඇමති ධූරය හිමි කරගනිමින් ආණ්ඩුව පිහිටවීමට කිසිවෙකුට නොහැකිව යනු ඇත.
එසේ වුවහොත් තලපති විජේ හට අනෙකුත් පක්ෂ හා එක්ව ඒකාබද්ධ ආණ්ඩුවක් නිර්මාණය කිරීම හෝ ෆ්ලෝර් ටෙස්ට් නම් ක්‍රමය ඔස්සේ බලය තහවුරු කර ගැනීමට සිදුවේ.
මෙම කිසිදු ක්‍රමයක් සාර්ථක නොවුවහොත් නැවතත් තමිල්නාඩුවේ මහමැතිවරණයක් පැවැත්වීමට සිදුවේ.එතෙක් තමිල් නාඩු ප්‍රාන්ත පාලනය ජනපති ඇතුළු මධ්‍යම ආණ්ඩුව අතට යන අතර මාස 6ක් පමණ කාලයක් නැවත මැතිවරණය පවත්වන තෙක් මධ්‍යම ආණ්ඩුව පාලනය කරනු ඇත.
නමුත් බහුතර දේශපාලක විචාරකයන්ගේ මතය වී ඇත්තේ එවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත නොවී තලපති විජේ විසින් බහුතර දිනාගැනීම හෝ ඒකාබද්ධ ආණ්ඩුවක් කරා තලපති විජේ පිවිසෙනු ඇති බවයි.