මහින්ද රාජපක්ෂගේ කාලෙවත් මම ලැම්බොගිනියක් පැදලා නෑ හැබැයි.. ගෙනත් දුන්නොත් පදින්න පුළුවන් - ලැම්බෝගිනි 18න් එකක් ඉල්ලන නාමල්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් තමන් සතුව ඇති බව කියන ලැම්බෝගිනි රථ 18න් එකක් හෝ සොයාගෙන විත් තමන්ට ලබා දෙන්නේ නම් එය පදින්නට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් කාලසීමාව පුරාම විවිධ දේශපාලන වේදිකාවල සහ සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වූ මෙම ලැම්බෝගිනි 18 පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තවමත් කිසිවෙකුටත් එම වාහන සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

එමෙන්ම එම වාහන පිළිබඳව චෝදනා නගන පුද්ගලයන්ට එම වාහන තිබෙන තැනක් පෙන්විය හැකි නම් හෝ ඒවා ගුවන් යානා මඟින් මෙරටට ගෙන ආවේ යැයි කියන කතාවල සත්‍යතාවක් ඇත්නම්, ඉන් එකක් හෝ පදින්නට තමන් බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියා.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

"ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද කියල කිව්වොත් ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ. බේරේ වැවෙන් පටන් ගත්තේ හැබැයි ඉතින් අපි දැක්කා වෙසක් කලාපය වෙලාවේ බේරෙ වැවේ තත්ත්වය. හැබැයි අද ගාල්ලට ගියත් මාතරට කියන්න ලංකාවේ කොහේ ගියත් අර ෆ්ලෝටින් මාකට් එකට ගියාමත් අපි දකිනවා එදා ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ සංචාරකයෝ පිරිල හිටපු ෆ්ලෝටින් මාකට් එකට අද වෙලා තියෙන දේ. ඉතින් ආණ්ඩුව රට ක්ලීන්ව තියාගැනීම කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි ක්ලීන් කරගෙන යන බවක් නම් පේනවා. වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා වරාය ක්ලීන් කරා හැකර් කෙනෙක් පැන්නා හැකර් පැනලා වැරදි ගිණුමකට මුදල් දාලා අමාත්‍යංශය ක්ලීන් කරා. බැංකුවෙන් බිලියන 13ක් වැරදි ගිණුමකට දාලා බැංකුව ක්ලීන් කරා ගොවියා ක්ලීන් කරලා තියෙනවා පිටරටින් හාල් ගෙනල්ලා. ව්‍යාපාරිකයන් ක්ලීන් කරගෙන යනවා අසීමිත බද්දක් ගහලා ආණ්ඩුව මේ රටේ දේශීය ආර්ථිකය සහ ජනතාව ක්ලීන් කරන බවක් නම් පේනවා. හැබැයි ක්ලින් ශ්‍රී ලංකා කියලා තවත් බොරුවක් සහ මේ රටේ සුප්‍රකට ක්‍රීඩකයන්ගේ ඉඳන් ව්‍යාපාරිකයන් රවට්ටලා ඇස් බැන්ඳුමක් තමයි ක්ලින් ශ්‍රී ලංකා කියලා පෙන්නලා තියෙන්නේ. මේ එකසිය පනස් නම දෙනාටයි විපක්ෂයෙන් අයටයි තියෙන එකම චාන්ස් එක කැන්ටිමට යන එක විතරයි. මොකද අනිත් හැම එකම ආණ්ඩුවේ අවශ්‍යතාවය මත ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් කතා කිරීමේ අයිතිය කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ උවමනාවට පනත් සම්මත කරගැනීමේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වන බවක් පේනවා. ඒ වගේම අදත් අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවක් සම්මත කරලා විවාදයක් සම්බන්ධයෙන් කාරණයක් ඉදිරිපත් කරාම මේකට සම්පූර්ණයෙන් ආණ්ඩු පක්ෂය විරුද්ධ වෙනවා. ඇයි ඒ විවාදය ඇතුලේ ආණ්ඩු පක්ෂයේ තියෙන යටි අරමුණ එළියට එනවා. ඒ කියන්නෙත් මේ රටේ තමන්ට හිතවත් සහ තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගන්න පුද්ගලයන්ට උසස් වීම් දෙන්න ඒ පුද්ගලයන්ව තනතුරුවලට දාන්න ආණ්ඩුව ගන්නාවූ දේශපාලනික ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජය දැනගන්නවා. ඒ වගේම තමයි කොලේ වහලා ගහන්නේ කාරක සභාවක සම්මත වෙන්නේ එක කාරණයක් හැබැයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ වෙන කාරණයක්. මේ තුළ පැහැදිලිවම ආණ්ඩුව තමන්ගේ අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යන්න උත්සාහ කරනවා හැබැයි තියෙන වෙනස තමයි ඔය ඒකාධිපති පාලනය ඇතුලේ මේ කියන එක සිය 159 දෙනාත් අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලයේ මඩට බැහැලා ගොයම් කරල් කාලා ගොවියෝ වෙනුවෙන් පෙනී හිටියේ හැබැයි අද සම්පූර්ණයෙන් ගොවියා අසරණ කරලා තියෙනවා. ඉතින් ආණ්ඩුව කොච්චර සාකච්ඡා කරත් පළක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට වී ගන්නේ නැත්නම්. ආණ්ඩුව කොච්චර මහන්සි වුණත් දැඟලුවත් වැඩක් වෙන්නේ නැහැ සාධාරණ මිලකට පොහොර දෙන්නේ නැත්නම්. ඒ වගේම තමයි තේ ගොවියා අද ලෝක වෙළඳපොලේ තේ මිල සම්බන්ධයෙන් කිය කිය ආණ්ඩුව දඟලනවා. හැබැයි ඉතින් තේ ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්නේ නැත්නම් තේ ගොවියට අවශ්‍ය මිල දෙන්නේ නැත්නම් ඒ තුළ තේ ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එළවළු ගොවියා අද අන්ත අසරණ වෙලා ඉන්නවා කොච්චර අන්ත අසරණ වෙලාද කිව්වොත් අල අස්වනු නෙලන කාලෙට ලූණු ගලවන කාලෙට පිටරටින් අල ලූණු ගේන තැනට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ වගේම තමයි උක් ගොවියා අපි පහුගිය කාලේ නැගෙනහිර පළාතේ ගියාම උක් ගොවියාට තමන්ට ලැබෙන්න ඕන ආදායම ලැබෙන්නේ නැහැ. හේතුව මොකක්ද ආණ්ඩුවේ හිතවතුන්ට සීනි ගේන්න දීලා මේ රටේ සීනි නිෂ්පාදනය කඩාකප්පල් කරනවා. ඉතින් ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ සහ පක්ෂයට ලැබෙන සහන මත මිසක් මේ රටේ ගොවියාට සහ මහජනතාවට ලැබෙන සහන මත නෙවෙයි. අගමැතිවරියගෙන් අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවෙනකොට මුලදි ලංකාවේ ගෙනාපු තෙල් වල මිල වැඩි කරේ ඇයි. ඇයි මිල වැඩි කරේ. එහෙනම් ඒක අඩුවට දෙන්න තිබුණනේ. හැබැයි ලෝක වැඩිම ලංසුව තියලා තෙල් අරගෙන දැන් කෙඳිරි ගානවා. කවුද කිව්වෙ බැරල් එක දෙසිය අසූහයට ගන්න කියලා බැරල් එක 286 ට ගත්ත එකම රට බවට ලංකාව පත්වෙලා තියෙනවා. මේ අපි නෙවෙයි කියන්නේ ප්‍රධාන බැංකුවක විධායක අධ්‍යක්‍ෂවරයෙක් ජාත්‍යන්තරයට කියපු කතාවක් ආණ්ඩුව ඒක නැහැයි කිව්වට. ඔය දැන් වැඩි මිලට ගත්ත කිව්වට හැබැයි ඒ වෙලාවේ කිව්වේ වැඩි මිලට ගත්තේ නැහැයි කියලා ඔය ආණ්ඩුවම. අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරාම ඒක කියන්න වුණා. හැබැයි දැන් කියනවා වැඩි මිලට ගත්තෙ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව ලෝක වෙළඳපළේ මිලට වඩා තවමත් අසීමිත මිලකට ගන්නවා කියන එකනේ. අපේ කලින් නම් කිව්වේ එකසිය පනහක් ඇමැතිවරයාගේ සාක්කුවට යනවා කියලා හැබැයි දැන් කාගේ සාක්කුවටද යන්නේ ලෝකයේ වැඩිම ලංසුව දීලා තියෙන මිලදී ගන්නකොට. එකක් මේ කාරණා පිළිබඳව දැන් ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නවා. එදා අපිට චෝදනා කරපු අය දැන් දැන් කොහොමද ක්ලීන් වෙන්නේ කියන එක ගැන ජනතාව තුල කතිකාවක් ගොඩනැගිල්ල තියෙන්නෙ. ඉතින් එක පැත්තකින් අග්‍රාමාත්‍යවරිය ඇත්ත කියලා තියෙනවා ජනාධිපතිවරයා අසීමිත විදියට බොරු කියන කොට අගමැතිවරය ඇවිල්ල කියල තියෙනවා ඔවු අපි වැඩි මිලට ගත්තෙ කියලා. අර ලැම්බෝගිනි වගේ තමයි රත්තරං අශ්වයෝ වගේ තමයි ඩොලර් බිලියන 18 වගේ තමයි දැන් ලැම්බොගිනි දහ අටක් ප්ලේන් එකෙන් බානවා දැක්ක කියපු නාමල් කොලුවා ඒ කියපු ජනාධිපතිවරයා කිව්වේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවෙලා තියෙන කාරණයක් එහෙම කිව්වේ නැහැ කියනවනේ. ඉතින් මේක තමයි ජේවීපී එක ආයේ අහන්න දෙයක් නෑ. දැන් හෙට අනිද්දා ඔය කියපු හැම එකක්ම කිව්වේ නැහැ කියයි. මම දැක්කා ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා නැගෙනහිර පළාතේදී මැතිවරණ කාලය කියන හැම එකම අපි කරන්නේ නැහැ කියලා ඉතින් ඒක තමයි එයාලගේ දේශපාලනය. ඒක තමයි යථාර්ථය මිනිස්සු ඔය කතා විශ්වාස කරලා ඡන්දෙ දුන්නා ඉතින් ඒකට ජනතාවට චෝදනා කරලා පලක් වෙන්නේ නැහැ. ඉතිරි කාල සීමාව තුළ ජනතාව ඒක තේරුම් අරගෙන කටයුතු කරයි. මම දැන් බලන් ඉන්නවා මගේ ලැම්බොගිනි දහ අට ගෙනත් දෙනකම් එකක් පදින්න. මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කාලෙවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලෙවත් අගමැති මහින්ද රාජපක්ෂ කාලෙවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කාලෙවත් එහෙම නැත්තං මේ රටට නිදහස අරන් දීලා මේ ආණ්ඩුවෙන් පළිගැනීමට ලක්වෙන මහින්ද රාජපක්ෂගේ කාලෙවත් මම ලැම්බොගිනියක් පැදලා නම් නෑ හැබැයි ඉතින් මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්නට ලැම්බොගිනියක් ගෙනත් දුන්නොත්නම් පදින්න පුළුවන්."

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද අත්අඩංගුවට ගනීද? රටම බලා සිටි පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද අත්අඩංගුවට ගනීද? රටම බලා සිටි පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද