හෂිෂ් කිලෝ 36ක් ගෙනා කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට
රුපියල් මිලියන 352 කට අධික අධික වෙළඳපොළ වටිනාකමකින් යුත් හෂිෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36 ක් ඉතාමත් සූක්ෂ්ම ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වයස අවුරුදු 18 ක් වන කැනේඩියානු ජාතික තරුණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ රහසිගත තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම විදේශීය තරුණිය සන්තකයේ තිබී අදාළ අතිවිශාල මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව නිල වශයෙන් වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත.