ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයාට හාස්කමකින් වගේ සිදු දේ. - (VIDEO)

Sri Lanka Police Accident
By Wayomi Apr 25, 2024 12:50 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි ඊයේ (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

අතුරුදන්ව සිට මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, (33) හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි.

මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයායට ආසන්නයේ වැටි සිටින අයුරු දැක නල්ලතන්නිය පොලිසියට දන්වා ඇති අතර නල්ලතන්නිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයා කැටුවගොස් ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසනවා.

 වැඩි විස්තර පහත වීඩියෝවෙන්.