නව ආණ්ඩුවෙන් ඔබටත් රජයේ රැකියාවක් ජනපතිගෙන් පොරොන්දුවක්
රජයේ රැකියාවක් කියන්න හැමෝගෙම හීනයක්.ඒ හීනට යන්න ගොඩක් දෙනෙක් මහන්සි වෙනවා. ඒ වගේ මේ අවස්ථාව ලබා ගන්නත් ගොඩක් දෙනෙක් මහන්සි වෙනවා.
ඉතින් විවිධ රජයන් යටතේ විවිධ කොන්දේසි සහ සුදුසුකම් මත රජයේ රැකියා ලබාදීම සිදුකෙරූ අතර ජාතික ජන බලවේගය රජයක් යටතේද තිස් දහසකට අධික පිරිසකට රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මේ තුළින් රැකියා විරහිත තරුණ තරුණියන් සැමට යහපත් හෙටක් උදා කර ගැනීමට හැකියාව ලැබෙන බව සහතිකයි.
නිලධාරි හිඟය ඇතුළු රාජ්‍ය ආයතනවල ගැටලු පිළිබඳවද අද (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අදහස් දැක්වූ ජනපති නටඹුන් වූ රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවත්, වසර 05කට පසු රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල රාජකාරී කරන පිරිසගේ රාජකාරී පහසුව වෙනුවෙන් අවශ්‍ය වාහන ලබා දීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
