වෙරළට පාවී ආ බෝයාව (PHOTOS)

xpress pearl authgama moragalla beruvala lighthouse
By Sewvandhi Jun 11, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් ඊයේ (10) සොයා ගත් බව මොරගොල්ල සංචාරක පොලිසිය පවසනවා.

බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන් ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha