ආයෙත් ලෝක යුද්ධයක් - මේ පාරනම් ශ්‍රී ලංකාවටත් බේරිල්ලක් නෑ (PHOTO)

Report

 "ධෛර්යයමත් බව පෙන්වන්න" පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ජාතිය අමතමින් පාකිස්තාන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"මගේ පකිස්ථාන ජනතාවනි, ඔබේ ආරක්ෂාව සඳහා අපේ හමුදාව සහ ජනතාව සැමවිටම එක්සත්ව ක්‍රියා කරනවා.

අපි නියතවම ඉන්දියාවට එරෙහිව නැඟී සිට ජයග්‍රහණය කරමු," යනුවෙන් අගමැති ෂරීෆ් මහතා ප්‍රකාශ කළේය.

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

"ඉන්දියාව පකිස්ථානයට පහර දීමෙන් වැරැද්දක් කළ බවත්, ඔවුන්ට ඊට වන්දි ගෙවීමට සිදුවන බවත්" ඔහු පවසයි.

“පකිස්ථානය පසුපසට අඩිය තියයි කියලා ඉන්දියාව සිතන්න ඇති, නමුත් ඉන්දියාව අමතක කළා, මේ තම රට වෙනුවෙන් සටන් කිරීමට දන්නා ජාතියක් බව කියන එක" යැයි පවසමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනතාව දිරිමත් කළා.

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

පසුගිය මාසයේ පෙහෙල්ගම්හි සිදු වූ ප්‍රහාරයට පාකිස්ථානය "සම්බන්ධයක් නෑ" යැයි පැවසූ ඔහු ඔහු තම රටට "වැරදි හේතූන් මත චෝදනා එල්ල වී ඇති" බව කියා සිටියා.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතාගේ ප්‍රකාශයට අනුව පකිස්තානය මෙම ප්‍රහාරයට නැවත ප්‍රතිප්‍රහාරයක් දීමට සුදානම් බව පෙනී යයි.

නමුත් එලෙස සිදුවුවහොත් ඉන්දියාවද නැවත ප්‍රහාර දියත් කිරීම නොඅනුමානයි.

පකිස්තානය හා ඉන්දියාව යන දෙරට සතුවම න්‍යෂ්ටික අවි තිබීම මෙම දෙරට අතර යුධ ගැටුම් ඇති වීමේ අවධානම ඉහල නංවයි.

යුධ වාතාවරණයක් පැන නැගීම හමුවේ දෙරටේ මිත්‍ර රටවල් වලටද එක පාර්ශවයක් තෝරා ගැනීමට සිදුවෙයි.

ඇමරිකාව,චීනය,රුසියාව වැනි බලවතුන්ද මෙම ගැටුම හා සම්බන්ධ වුවහොත් මෙය ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම නිසැක කරුණකි.

යුධ ගැටුම් හා න්‍යෂ්ටික අවි භාවිතය දෙරටටම සමීපතම රටක් වන ශ්‍රී ලංකාවටද ප්‍රබල තර්ජනයකි.