ලෝක තෙල් මිල නැවත ඉහළට – ඉරාන විදේශ ඇමති හදිස්සියේම පුටින් හමුවෙයි

United States of America Sinhala news Breaking News Iran-Israel War Iran Nuclear Sites
By Shehan Jun 23, 2025 04:21 AM GMT
Shehan

Shehan

Report

අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමඟ සම්බන්ධ කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

මෙම තීරණයත් සමඟ, ආසියානු රටවලට දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි විදෙස් වාර්තාවල දැනටමත් මත පළවී තිබේ.

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ පර්සියානු බොක්ක ආශ්‍රිතව වන අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත ඉරානයට අයත් ප්‍රදේශයකි.

ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වැන්නා වන ඉරානය දිනකට තෙල් බැරල් මිලියන 4ක් නිපදවන අතර, ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 9කට හිමිකම් කියන ඉරානයට, හෝමූස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් සියයට 30ක වෙළඳ බලයක් හිමිව තිබේ.

මෙම පසුබිම තුළ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (23) අලුයම වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.99ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 2.91ක වැඩිවීමකි. එසේම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.18ක් ලෙස සටහන් වන අතර, එය සියයට 2.82ක වැඩිවීමකි.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

මේ අතර, අමෙරිකානු ප්‍රහාර මධ්‍යයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අද මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිතය. ඔහු ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය සමඟ සාකච්ඡාවට සූදානම් බවත්, ඊශ්‍රායලය පළමුව ගුවන් ප්‍රහාර නතර කළ යුතු බවත්ය. එසේම, ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රිකභාවයට පිටුපෑමක් ලෙස ඔහු හඳුන්වයි.

මේ අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය (IAEA) අමෙරිකාව විසින් ඉරානයේ ෆෝඩෝ, එස්ෆහාන්, සහ නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සලකා බලමින් හදිසි රැස්වීමක් පවත්වා ඇත. එම ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටම් ඉහළ නොගිය බව IAEA තහවුරු කර තිබේ.

අද ලග්න පලාපල – 2025 ජූනි 23 | ඔබේ ලග්නය කියන දේ මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 23 | ඔබේ ලග්නය කියන දේ මෙන්න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ, ඉරානයේ නායකත්වය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි. එහෙත්, ඉරානයේ ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුණින් නොව, ඉරානයේ න්‍යෂ්ටික අවි නිපදවීම හා එහි න්‍යෂ්ටික අවි ලෝකයට තර්ජනයක් බැවින් ප්‍රහාර එල්ල කළ බව ඔහු පෙර ප්‍රකාශ කළේය.

පෙන්ටගන්හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසන්නේ, පැය 18ක් පුරා සිදු කළ මෙම ප්‍රහාරය "ඔපරේෂන් මිඩ්නයිට් හැමර්" ලෙස නම් කළ බවයි. එය බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන E-2 යානා යොදාගත් විශාලතම මෙහෙයුමක් ලෙස ඉතිහාසගත වන බව ඔහු සඳහන් කළේය. මෙවැනි ප්‍රබල යානා මීට පෙර යොදාගත්තේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.

අමෙරිකාව ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ ෆෝඩෝ, එස්ෆහාන්, සහ නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන සම්පූර්ණයෙන් විනාශ වූ බවයි.

එක්සත් ජනපද නගරවල ආරක්ෂාව තර කෙරේ

එක්සත් ජනපද නගරවල ආරක්ෂාව තර කෙරේ

මේ අතර, චීනය, රුසියාව ඇතුළු විදෙස් රටවල් අමෙරිකාවේ ප්‍රහාරය හෙළා දකිමින් සිය ප්‍රතිචාර දක්වා ඇත. Show in sidebar

ReeCha