ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව ඉදිරිපත් කළ විශේෂ නිවේදනය..
By krishani
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බවත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් ලබා දීමේ දී IMF සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා ආර්ථිකමය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කර ගත යුතු බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.