D-Day 80 වැනි සංවත්සරයේදී සිදු කෙරුන අපූරු විවාහ මංගල්‍යය..

Report

දෙවැනි ලෝක මහා යුද සමයේදී අමෙරිකානු හමුදාව විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික මෙහෙයුම සිහි කිරීමට පසුගියදා උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි මුහුදු තීරයේ පසුගියදා පැවැති 80 වැනි සංවත්සරය අතරතුර අපූරු විවාහ මංගල්‍යයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගයේ ජය ස්කොට්ලන්තයට..

T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගයේ ජය ස්කොට්ලන්තයට..

හිට්ලර්ගේ ජර්මානු හමුදාවෙන් යුරෝපා රටවල් මුදා ගැනීම සඳහා නෙප්චුන් මෙහෙයුම නමින් එම මෙහෙයුම 1944 ජූනි මස 6 වැනිදා සිදු කර තිබූ අතර, පසුව එය ‘D-Day‘ නමින් ප්‍රචලිත විය . එහි 80 වැනි සංවත්සරයේදි මෙලෙස යුග දිවියට පිවිස ඇත්තේ එම මෙහෙයුමට එක් වී සිටි අමෙරිකානු ගුවන් හමුදා නිලධාරියකු වූ මේ වන විට 100 හැවිරිදි වියෙහි පසුවන හැරල්ඩ් ටෙරන්ස් බවත්, ඔහුගේ මනාලිය බවට පත් වී ඇත්තේ ජීන් ස්වර්ලින් නමැති 96 හැවිරිදි කාන්තාවක බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් හමුවේ..

මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් හමුවේ..

එම සංවත්සරයට පැමිණි 96 හැවිරිදි මනාලිය ‘ප්‍රේමය තරුණ අයට පමණක් නොව අපටත් පොදුයි‘ යැයි ප්‍රකාශ කළ බවත්, ඇය සමඟ යුග දිවියට පිවිසීම සිය ජීවිතයේ හොඳම දිනය බව මනාලයා විසින් ප්‍රකාශ කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.

කැළඹුණ කාලගුණයේ අලුත්ම තත්ත්වය ගැන මේ දැන් ලැබුණ නිවේදනය මෙන්න.

D-Day 80 වැනි සංවත්සරයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් ද සහභාගි වූ බවත් වාර්තාවේ .