මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් හමුවේ..

Sri Lanka Australia Media Disease
By Piyumika Jun 10, 2024 04:20 AM GMT
Piyumika

Piyumika

Report

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සිය දියණිය බැලීමට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි .

ඉතා තියුණු තරගයකින් පසු ඉන්දු - පාකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට ..

ඉතා තියුණු තරගයකින් පසු ඉන්දු - පාකිස්ථාන තරගයේ ජය ඉන්දියාවට ..

"බුරූලි අල්සර්" නම් මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බව සඳහන්ය.

74 හැවිරිදි ඇය සිය දියණිය සහ ඇයගේ පවුලේ සුවදුක් බැලීමට පසුගිය ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර   සය මාසයකට ආසන්න කාලයක් සිය දියණියගේ නිවසේ රැඳී සිටිමින් කාමෙල් ඕස්ට්‍රේලියාවේ සිරි නරඹා ඇත.

T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගයේ ජය ස්කොට්ලන්තයට..

T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගයේ ජය ස්කොට්ලන්තයට..

පසුගිය මාසයේ දිනකදී කාමෙල් වේදනාවෙන් කැ ගාසා ඇති බවත් එම අවස්ථාවේදී ඇයගේ එක් අතක් ඉදිමී නිල්පැහැ ගැන්වී තිබී ඇති බවත් දුටු දියණිය  එම අවස්ථාවේදී ඇයට  පැනඩෝල් ලබාදී ඇති නමුත් ඉන් රෝගී තත්ත්වය සුව අතට හැරී නොමැති නිසා  අනතුරුව ඇය රෝහල් ගත කර ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

හුංගම වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් ..

හුංගම වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩි ප්‍රහාරයක් ..

මුලදී වෛද්‍යවරුන්ට කාමෙල්ට ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් අත පණ නැතිවීම හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කිරීමට වෛද්‍යවරුන් ක්‍රියාකර ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කර ඇත.