වියළි කාලගුණය ගෙනා අගතිය - හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා..
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වනාන්තර සහ රක්ෂිත ගිනි ගැනීම නිතර අසන්නට ලැබෙයි.
ඒ හේතුවෙන් හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
එමෙන්ම නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 53,774 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 48,726 ක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත වලට අනුව සඳහන් වේ.
මේ අතර අද (25) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙන් කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජිවි හා වන සම්පත් සංරක්ෂණ ආමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම මෙහිදී වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා.
තව ද මෙහිදී ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණ.
කෙසේ වෙතත්, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සදහන් කළේ ලැව්ගිනි නැවැත්වීමට ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජල පාලනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි.
