මෙරට වන අලින්ට GPS සවි කෙරේ.

Report

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ වනඅලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ අරමුණින්.

මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියා.

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

සමීක්ෂණවලට අනුව මෙරට භෝග වගාවන්ට හානි පමුණුවන සතුන් අතර වන අලියාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක් වන අතර දිවයිනේ ප්‍රදේශ රැසකින් දෛනිකව වනඅලි හානි වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව එලෙස වගා හානි බහුලව සිදුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි, රක්ෂිත වෙත පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා.

අනුරාධපුර වනඅලි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දක්වා පන්නා දැමීමේ කටයුතු ඒ අනුව ආරම්භ කෙරුණත්, ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම කටයුතු අතරමග නවතාදැමීමෙන් ප්‍රදේශ කිහිපයක වනඅලි ගැටලුව තීව්‍ර වී ඇති බවය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.


You May Like This Video