අටේ ආර්ථිකය අමාරු තැනක..යම් යම් අකමැති තීන්දු ගන්න වෙයි..විජිත හේරත් ගෙන් දැනුම්දීමක්.
අද මෙරට ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටිනවා.
වැටිච්ච තැනින් නැගිට රට ගොඩ ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවයි ඒ මහතා කියා සිටියේ.

රජයට සම්බන්ධ කෙනෙක් සබරගමු සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත් කෙරේ..ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක්..
එක පවුලක් ලෙස වැඩ කරද්දි පවුලේ අභිවෘද්ධ වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගන්න වෙන බවද කී ඔහු ඇතැම් තීන්දු වලට දරුවන් කැමති වන අතර ඇතැම් තීන්දුවලට දරුවන් අකමැති වනු ඇති බවද විජිත හේරත් මහතා කියා සිටියේ ය.
නමුත් හෙතෙම තවදුරටත් කියා සිටියේ, එම තීන්දු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතුව ඇති බවද පැවසු ඔහු එය සිදු කළේ පවුලේ හොඳට තමන්ගේ හොඳට බව යම් දිනක දරුවන් තේරුම් ගනු ඇති බවයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, සිය අමාත්‍යංශයේදී නිලධාරින් අමතමින්.
You May Like This Video