කෝලිට තර්ජනය කළ කීබෝඩ් වීරයාට අවසානයේ අත්වූ ඉරණම (PHOTOS)
ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ මාස 9 ක් වන බාලවයස්කාර දියණිය දුෂණය කරන බවට තර්ජනාත්මක Twitter පණිවිඩ යොමු කළ 23 හැවිරිදි තරුණයෙකු හයිද්‍රාබාද් නුවරදී මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි ලෙස හඳුනාගෙන ඇති විත්තිකරු ඊයේ මුම්බායි පොලිසියේ සයිබර් අපරාධ අංශය භාරයට ගැනුණා.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය හමුවේ පරාජයට පත්වීමත් සමඟ චූදිතයා බාලවයස්කාර දැරිය ගැන සඳහන් කරමින් විරාත්කෝලි හට Twitter පණිවුඩයක් ඔස්සේ ස්ත්‍රී දූෂණ තර්ජනයක් කර තිබු අතර කෝලි ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.
මූලික තොරතුරුවලට අනුව විත්තිකරු ආහාර බෙදාහැරීමේ ඇප් එකක මෘදුකාංග අංශයේ සේවය කරමින් සිටින B TEC උපාධිධාරියෙක් වනවා. රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි මුම්බායි වෙත රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඉල්ලා දිල්ලි කාන්තා කොමිසම (DCW) මේ මස මුලදී දිල්ලි පොලිසියට නොතීසියක්ද යවා තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |