විහාරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - යාපනය කැළඹෙයි

Report

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් 5දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු ද සිටින වන බවය.

දේශපාලඥයෙකුගේ නිවසක් ගිනිතියලා - පුංචි දැරියක් මරුට

දේශපාලඥයෙකුගේ නිවසක් ගිනිතියලා - පුංචි දැරියක් මරුට

යාපනය තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් අද දිනයේ විරෝධතාවයක නිරත වන බවට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

එමෙන්ම පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අධිකරණ නියෝගය නොතකා පුද්ගලයින් පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

වෙළදසැලක දරුණු ගින්නක් - පාරත් වහයි

වෙළදසැලක දරුණු ගින්නක් - පාරත් වහයි