whatsapp යළිත් අලුත් වෙයි..සුපිරිම වැඩක් -දැන් මෙහෙම කරන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නවද.?
By Sewvandhi
whatsapp යෙදවුමට නවතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා.ඒ මෙටා සමාගම විසිනි.
මීට පෙර whatsapp එක චැට් එකක් තුළ Pin කළ හැකි වූයේ එක පණිවිඩයක් පමණක් වන අතර මෙම නවතම යාවත්කාලීන කිරීම හරහා පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙනවා.
මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකබර්ග් සිය whatsapp ගිණුමෙහි සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.
ගෘප් චැට් එකක් තුළ අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබිය හැකි වීම පරිශිලකයින්ට වාසිදායක වන අතර නවතම යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ එක පණිවුඩ පමණක් නොව වීඩියෝ, ඡායාරූප, polls ද මෙසේ Pin කළ හැකි ලෙසයි.