ඉරාන – ඇමරිකා යුද්ධෙ නිසා කාටත් කළින් කෙළ වෙන්නේ අපිට, මේ පාර ගොඩ ඒමක් නැති බවට ආර්ථික විශේඥයන්ගෙන් සහතික [PHOTO]
තවම අවසානයක් දැකගත නොහැකි ඊශ්‍රායලය – ඉරානය අතර පවතින යුධ ගැටුමට ඇමරිකාවේ මැදිහත්වීමත් සමඟ මැදපෙරදිග අර්බුදය තීව්‍ර වීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එම තත්ත්වය ලංකා ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇති කරන බව ආර්ථික විශේඥයන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
මේ අතර මේ පිළිබඳව ආර්ථික විද්‍යාඥ තලාල් රාෆි විසින් උද්ගතව ඇති තත්ත්වය මෙරටට විනාශකාරී විපාක ගෙනෙනු ඇති බවට තම x ගිණුමේ සටහනක් තබා ඇත.
එසේම මෙහිදී තෙල් මිල ඉහළයාම නිරීක්ෂණය කර දක්වන තලාල් මහතා පවසන්නේ ජූනි මස මුල සිට තෙල් මිල සාමාන්‍යයෙන් 20% කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම එම තත්ත්වය මෙරට බලශක්ති ආනයන පිරිවැයට වසරකට අමතර ඩොලර් බිලියනයකින් වැඩි කරනු ඇති බවද පෙන්වා දී තිබෙනවා.
තවද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ අවදානම නිසා ශ්‍රී ලංකාවේ වෙළඳාම අඩු කරනු ඇති බවද සඳහන් කර ඇත.
ඊට අමතරව වසරකට ඩොලර් බිලියන 3ක් පමණ (ශ්‍රී ලංකාවේ ප්‍රේෂණවලින් අඩක්) මැදපෙරදිගින් ලැබෙන බැවින් මෙය අඩකින් අඩු වුවහොත්, එය මෙරට වර්තමාන ගිණුම් හිඟය ඩොලර් බිලියන 1.5කින් වැඩි කරනු ඇති බවද පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම ගෝලීය ආර්ථික පසුබෑමක් නිසා මෙරට අපනයන අඩු වනු ඇති බවද කියා ඇත.
මේ සමඟම තලාල් රාෆි මහතා දක්වන්නේ මෙරට සතුව ඇත්තේ සංචිත වශයෙන් ඩොලර් බිලියන 6ක් පමණක් බවයි.
එය ධනාත්මක තත්ත්වයක් වුවත් ජූනි මස මුල සිට තෙල් මිල 20% කින් ඉහළ යමින් තිබීමත්, ඒ නිසා මෙරටට අමතර ඩොලර් බිලියනයක් ගෙවීමට වුවහොත් සහ මැදපෙරදිග ප්‍රේෂණවලින් අඩක් අඩු වුවහොත් ලැබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1.5කින් අඩු වූවොත් එය වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක හිඟයක් ඇති කරනු ඇති කරන බවයි.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස
එසේම ඔහු මෙහිදී අවධාරනය කළේ මෙය 2027 අවසානය වන විට (IMF අවශ්‍යතාවය) සංචිත ලෙස ඩොලර් බිලියන 13ක් ලබා ගැනීමට මෙරට ඇති අවස්ථාවලට දැඩි ලෙස බලපානු ඇති බවයි.
තවද නරකම අවස්ථාවක් උද්ගතව 2027 වන විට මෙරට සංචිත ශුන්‍ය විය හැකි නිසා ඒ අවධානමෙන් මිදීමට නම් පූර්ව ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වාදී සිටින බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉතා බැරෑරුම් ආකාරයෙන් හිතන ලෙස ඔහු අවධාරණය කරයි.
ඊට අමතරව උද්ගත වෙමින් ඇති තත්ත්වය පිළිබඳව හැකි ඉක්මනින් IMF හා සාකච්ඡා කරන ලෙසත් විශේෂඥයින්ගේ රැස්වීමක් කඩිනමින් කැඳවිය යුතු බවත් පවසා ඇත.
