හිටපු ලිට්‍රෝ සභාපනි නීතියට පිටින් ගිහින් කරලා තියෙන දේ.
By Wayomi
ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම යන සමාගම් දෙකෙහි හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබාගත් දීමනාවට අමතරව රුපියල් 443,000ක මාසික වාහන දීමනාවක් ලබාගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ, අනුව ලිට්‍රෝ ටර්මිනල් ලංකා සමාගමෙන් මෙම දීමනා ලබාගෙන ඇති බවයි විගණන වාර්තා වල දැක්වෙන්නේ.
මේ සඳහා චක්‍රලේඛය මඟින් අවසර ලබා දී ඇත්තේ රුපියල් 50,000ක මුදලක් පමණක් බවත්, චක්‍රලේඛයට අනුව ලීටර් 150 ඉක්මවා, ලීටර් 500ක මාසික ඉන්ධන දීමනාවක් හිටපු සභාපතිවරයා වෙත ලබා දී ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසනවා.
එමෙන්ම විගණනය මඟින් අනාවරණය වී ඇත්තේ, 2022 මැයි මාසය දක්වා රුපියල් 50,000ක මාසික රියදුරු දීමනාවක් හා රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක්ද හිටපු සභාපතිවරයා වෙත ගෙවා ඇති බවයි.