නොනගතය හෙවත් පුණ්‍ය කාලය යනු කුමක්ද? එය ගත කළ යුත්තේ කෙසේද?
තවත් හෝරා කිහිපයකින් උදාවෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම විසිරී ඉන්න පිරිස් සූදානම් වෙනවා. අවුරුදු නැකැත් අතර වැඩි අවදානයක් හිමිවෙන නොනගතය උදාවීමට තවත් හරියටම ඇත්තේ හෝරා කිහිපයක් විතරයි. මොකද්ද මේ නොනගතය කියන්නේ.? අපි ඒ ගැන කතා කරමු.
සෑම අවුරැද්දකම පැය12 විනාඩි 48 ක කාලසීමාවක් නොනගතය හෙවත් පුන්‍ය කාලය නමින් හැදින් වේ.
මෙය සූර්ය සංකාන්ති කාලසීමාව නමින් හැඳින්ව්ය හැකිය.නොනගතය යනු නැකැත් නැති කාලසීමාව වශයෙන් ඇතමෙක් විග්‍රහ කරති.මෙම මතය සාවද්‍ය වේ.නැකතක් නැති වේලාවක් ඇත්තේ ම නැත.ශූභ මුහුර්ත නැති වේලාවන් කොතෙකුත් තිබේ.නැකතක් ගෙවන විට තව නැකතක් උදාවේ.නැකැත් 27 ක් තිබේ.
සෑම අවුරැද්දකම අලුත් අවුරැද්දේ සියලු කටයුතු කරන්නට නියම කර ඇත්තේ ශුභ මුහුර්තයකිනි.මෙම සුභ මුහුර්ත යොදා ගන්නේ ද නොනගතය පවතින කාලසීමාව තුළදීම ය.ජෝතිර් විද්‍යාවට අනුව පැය 12 කුත් විනාඩි 48 ක සාමාන්‍ය නොනගත කාලසීමාව අර්ධ දෙකකට බෙදා දක්වයි.
එනම් පූර්ව අර්ධය හා අපර අර්ධය යනුවෙනි.සුභ කටයුතු සඳහා සුභ මුහුර්ත යොදා ගනු ලබන්නේ අපර නොනගත කාල සීමාව තුළදී ය. එසේනම් නොනගත කාලය යනු කුමක් ද? ගියෙත් නැති නොගියෙත් නැති කාල සීමාව නොනගතය නමින් හඳුන්වනු ලැබේ.එනම් සූර්ය දෙවියන් මීන රාශියේ අන්තිම අංශකය අවසාන කර මේශ රාශියේ මුල් අංශකයට සම්පූර්ණයෙන්ම ඇතුලු වීමට පැය 12 විනාඩි 48 ක කාලසීමාවක් ගත වෙයි.එම කාල සීමාව නොනගතය හෙවත් පුන්‍යකාලය නම් වේ.
සූර්ය දිව්‍ය රාජයා සිය උත්තරා යන ගමනේදී මුලින්ම ලංකා පොලෝ තලයට ඉතාම ලංවීම හෙවත් මුදුන්වීම සිඳුවන්නේ අප්‍රියෙල් මාසයේදී ය.එය ගොවිතැනින් ජීවත් වූ හෙළයන්ට ප්‍රීතිමත් වසන්ත කාලය වේ.
මෙම සතුට මුල් කරගෙන අලුත් අවුරුදු උත්සවය පවත්වති. සූර්ය දිව්‍ය රාජයා නැවතත් දකෂිණායන ගමනේදී ලංකාවට ලංව ගමන් කරයි.නැතහොත් හෙළ දීපයට මුදුන් වෙයි.සූර්ය දෙවියන්ට උපහාර පිණිස නෑවතත් දෙවන වරට උත්සවයක් පවත්වනු ලැබේ.එය ඇසළ උත්සවය නමින් හඳූන්වනු ලැබේ.
අන්තර්ජාලය ඇසුරෙන්
