වසර 10ක් තිස්සේ විශ්‍රාමික ජනාධිපතිවරුන් හා වැන්දඹු භාර්යාවන් වෙනුවෙන් දරණ ලද වියදම් මෙන්න

Report

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ 2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන් සඳහා රාජ්‍ය අරමුදල්වලින් වැය කර ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ විස්තර ප්‍රකාශයට පත් කර ඇත.

හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස,වාහන සහ අනෙකුත් වීම නම් වෙනුවෙන් වෙන්කෙරූ පහසුකම් අහෝසි කිරීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමග හිටපු ජනපතිවරුන්ට සහ ජනපතිවරුන්ගේ වැන්දඹු භාර්යාවන්ට එම ප්‍රතිලාභයන් අහෝසි විය.

ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් 2015 - 2025 දක්වා ලබාගත් ප්‍රතිලාභයන් සඳහා වැය වූ වියදම් පිළිබඳව මේ වන විට හෙළිකර තිබේ.එය පහතින් උපුටා දක්වා තිබේ ඒ අනුව ගිය වසරේ පමණක් විශ්‍රාමික ජනපතිවරුන් වෙනුවෙන් දැරූ වියදම පහත පරිදි වේ.

හිටපු ජනපතිවරුන්ට ගිය වසරේ වියදම් කර ඇති මුදල් ප්‍රමාණ පහත පරිදි වේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගරු 11,664,348
මහින්ද රාජපක්ෂ රු .54 652 990
මෛත්‍රීපාල සිරිසේන  රු..15,772,450
ගෝඨාභය රාජපක්ෂ  රු.10,222 881
රනිල් වික්‍රමසිංහ  රු .3,492,309 

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

මෙම වියදම්වලට නිල නිවාස, ලේකම් දීමනා, ඉන්ධන දීමනා, ආරක්ෂක පහසුකම්, සහ විශ්‍රාම වැටුප් ඇතුළත් වේ. මෙම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදල්වලින් ගෙවනු ලබන අතර, 2024 වසරේදී මුළු වශයෙන් රුපියල් 98,548,839ක් හිටපු ජනාධිපතිවරුන් සඳහා වැය කර ඇති බව වාර්තා වේ. මෙය 2025 වසර සඳහා රජයේ අපේක්ෂිත මුළු වියදමෙන් (රුපියල් බිලියන 7,190) සියයට 0.0014%ක ප්‍රතිශතයකි.

මෙම වියදම්වලට අමතරව, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාස මහත්මිය සඳහා රුපියල් 2,685,790ක වියදමක් ද වාර්තා වී ඇත. ඇයට ලබා දෙන ලේකම් දීමනා (රුපියල් 25,000), ඉන්ධන දීමනා (රුපියල් 100,000), සහ විශ්‍රාම දීමනා (රුපියල් 65,000) ඇතුළත් වේ.

මෙම වියදම් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලදී. එසේම, 2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, කාර්යාල, සහ ඉන්ධන දීමනා සඳහා රුපියල් මිලියන 41.28ක් වෙන් කර ඇති බවත්, මුළු වියදම්වලට රුපියල් මිලියන 110ක් පමණ වෙන් කර ඇති බවත් වාර්තා වේ.

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳට පුරුදුයි, මහින්දගෙන් හැම ප්‍රශ්නෙටම සටහනක්

 

විශ්‍රාමික ජනාධිපතිවරුන් - වැන්දඹු භාර්යාවන් වෙනුවෙන් දරන ලද වැටුප්, දීමනා හා වෙනත් වියදම් 2015.01.01 සිට 2025.06.30 දක්වා
GalleryGallery