ගැබිණි වාට්ටුවකට අනවසරයෙන් ඇතුළු වූ වෛද්‍යවරයෙක් එහි සිටි මව්වරුන් කරපු වැඩක් මාට්ටු වෙයි..
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මව්වරුන් නිසි අවසරයකින් තොරව පරීක්ෂා කර ඇතැයි පවසමින් එම වෛද්‍යවරයාව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, අදාළ වෛද්‍යවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය තුන්වනදා(03) ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව මෙම මස (07) වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, අදාළ වෛද්‍යවරයා මීට පෙර චාවකච්චේරිය රෝහලේ සේවය කරන වකවානුවේ විනය විරෝධී සිද්ධියක් සම්බන්ධයෙන් මාරු වීමක් ද ලබා ඇති අයෙකු බවයි.