කාසිය වාසිය දිනු කොදෙව්වන්ගේ තීරණය මෙන්න..ප්‍රබල අභියෝගයක්..!
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද අබුඩාබිහිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු එක්ව සිටිනවා.
මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය මෙයයි. අවසන් පූර්ව වටයට පිවිසෙන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් අතර බිමට පිවිසෙන්නේ මෙම තරගය ජය ගෙන ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමේ අරමුණ ඇතිවයි.
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 4න් 3කම පරාජය වැළඳ ගැනීමත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව අහිමි වී ගියා. එහිදී බංග්ලාදේශ තරග පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද පසුගිය වර පන්දුවාර 20 ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් අබුඩාබිහිදී තරග වැදීමට නියමිතයි.
කොදෙව්වන්ට මෙම තරගය සහ ඔස්ට්‍රේලියා තරගයත් ඉතිරිව තිබුණත්, ඔවුන්ට ද අවසන් පූර්ව වටයට පිවිසෙන්නට තිබෙන්නේ ඉතාමත් අවම අවස්ථාවක්. කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට නම් මෙම තරග දෙක ඉතා ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ජයගෙන දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සහභාගි වන මීළඟ තරග පරාජයවිය යුතු වනවා.
අද තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු වීමට ඉඩ තිබෙන අතර ඒ අනුව කණ්ඩායමේ අවධානය යොමුව ඇත්තේ ලහිරු කුමාර වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැදවන්නටයි. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් ලකුණු 66ක ජයක් වාර්තා කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 210ක් රැස් කළා.
ඒ මෙවර තරගාවලියේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසින්. රෝහිත් ශර්මා ලකුණු 74ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 69ක් ලබා ගත්තා. රිශාබ් පන්ට් නොදැවී ලකුණු 27ක් සහ හර්දික් පාන්ඩීයා නොදැවී ලකුණු 35ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 144ක් පමණයි.
මොහොමඩ් ශමී කඩුලු 3ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2ක් බිදහෙළුවා. තරගයේ වීරයා රෝහිත් ශර්මා. මේ අතර මෙවර ලෝක කුසලානයේ අනතුරුව ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ සේවා කාළය අවසන් කරමින් නව ප්‍රධාන පුහුණුකරු ධුරයට ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ව පත් කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ අතර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කිරීම හේතුවේන් එංගලන්ත විනිසුරු මයිකල් ග්‍රෝෆ් පන්දුවාර 20 ලෝක කුසලානයේ විනිසුරු මඩුල්ලෙන් ඉවත් කිරීම ජගත් ක්‍රිකට් කවුසලය විසින් තීරණය කර තිබෙනවා. මයිකල් ග්‍රෝෆ් පසුගිය දිනක ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණි තිබූ අතර ඒ අනුව ඔහුව ස්වයං නිරෝධයන සඳහා යොමු කිරීමටත් ෂක්‍ක් විසින් පියවර ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
