වාහන ගන්න කැමති අයගේ බලාපොරොත්තු ඉටු වෙයි - විස්තර මෙන්න

srilanka Wehicles
By Sithumi Sep 23, 2021 06:28 PM GMT
Sithumi

Sithumi

Report

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින් ලෝන්’ සමාගම අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. 

මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි. මෙය චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රවර්ධන කණ්ඩායම විසින් ෆුජියන් ප්‍රාන්තයේ දියත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනෙහි සෘජු ප්‍රතිඵලයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කාර්මික ජනපදයේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව සලකා බලන බව කින් ලොන් මෝටර් වාහන සමූහයේ උප සභාපති ෂෑන් මින් ප්‍රකාශ කර තිබේ. 

 1988 වසරේ ස්ථාපිත කෙරුණු කින් ලෝන් මෝටර් වාහන නිෂ්පාදන සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස් රථ, ලොරි රථ සහ වෑන් නිෂ්පාදනය කරයි. කින් ලෝන් නිෂ්පාදිත ලොව පුරා රටවල් 140 කට අපනයනය කෙරෙන අතර එය චීනයේ විශාලතම බස් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සමාගමකි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha