හොරෙන් මංගල උත්සවයක් තිව්ව පිරිසකට වෙච්ච දෙයක්.

Covid Police Wedding Panadura Ajithi Rohana
By Aruna Jun 30, 2021 02:06 AM GMT
Report

කෝවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කර තිබෙනවා.

මෙම මංගල උත්සවය සදහා පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 08 සහබාගී වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයින් පානදුර උතුරු පල්ලෙමුල්ල පිහිටි නිවසක දින 14 ක් නිරෝධායනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now