විවාහ උත්සව සඳහා පළාත් සංචරණ සීමා බලපාන ආකාරය

By Sewvandhi Jul 14, 2021 02:47 AM GMT
Report

විවාහ උත්සව සඳහා සංචරණ සීමා බලපාන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පැහැදිලිකිරීමක් සිදුකළා.

ඒ පළාත් හරහා ගමන් කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව, අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා.

ඒ වගේම අදාළ මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ට ද එක් පළාතකට යෑමේ හැකියාවක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now