වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව භූ කම්පනයක්..හේතුව සොයන්න විමර්ශණයක්.

Sri Lanka Weather Wictoriya
By Aruna Jun 17, 2021 02:25 AM GMT
Aruna

Aruna

Report

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ (16) හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ඊයේ පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයකින් යුත් ඉතා සුළු භූකම්පන තත්ත්වයක් ඇති වී තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධනේ අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා, "වික්ටෝරියා වේල්ලට මදක් පහලින් කුමාරිගම කියන ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

මෙවැනි තත්ත්වයන් ඇතිවීම තුළ ජනතාව බිය වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම ඩොලමයිට් නිදියක් මතයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ.

අපි කරපු සමීක්ෂණ අනුව ඩොලමයිට් කුහර ආශ්‍රිතව තියෙන වා කුහරයන්ට ජලය එක්රැස්වීම තුළ ඇතිවෙත තත්ත්වයක් තමයි තියෙන්නේ. කෙසේවෙතත් වැඩිදුරටත් ඒ ගැන පරීක්ෂණ කරනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/Br28CqQUjzD9vAjvZ0WMZR