අද දිවයින පුරා කාලගුණය වෙනස් වෙයි..මේ ප්‍රදේශ වල අයට අනතුරු ඇඟවීමක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-45ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.
තවද, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.
ඒ අනුව, එම ආයතනය මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.