දිවයින පුරා අද කාලගුණය වෙනස් වෙයි... ප්‍රදේශ රැසකට වැසි..
Sri Lanka
Western Province
Sabaragamuwa Province
Weather
By Aruna
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
මි.මී. 75 ට වැඩි තරමක තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම නැගෙනහිර පළාතේ සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි පවසන්නේ.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |