අද සිට වැසි තත්ත්වයේ වෙන වෙනස..
අද (28) සිට ඉදිරි දින කිහිපයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි ය.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අනුව ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
තවද, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කෙසේ වෙතත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
You May Like This Video👇
